දේශීය

අමෙරිකාවෙන් ලංකාවට තවත් කොවිඩ් එන්නත් තොගයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් එන්නත් තොගයක් ප්‍රදානය කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

එරට තානාපතිනී ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය මේ බව දැනුම් දී ඇත්තේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හා ආර්ථික කටයුතු ඇතුලු දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳ මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණා.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ‍මෙරට තුළ සිදු කිරීමට අපේක්ෂිත බල ශක්ති ක්ෂේත්‍රයට අදාල ආයෝජන පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්වූ බව සඳහන්.

Related posts

ගෑස් මිල අඩුවෙන හැටි මෙන්න

Mohamed Dilsad

හෙට අලුයම මැනිං වෙළඳපොළ විවෘත කෙරේ

Mohamed Dilsad

නේවාසික රෝගීන් බැලීමට යාමේදී පිළිපැදිය යුතු උපදෙස්

Mohamed Dilsad

Leave a Comment