දේශීය

වත්තලට පැය 24ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – හැඳල පාලම හරහා ජලනල එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට ඒවා සම්බන්ධ කිරීම හේතුවෙන් හෙට(03) පැය 24 ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට උදෑසන 10 සිට අනිද්දා උදෑසන 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ වත්තල – මීගමුව පාරේ කොටසකට, මාබෝල කොටසකට, වැලිකඩමුල්ල, හැඳල පාර – නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ගවලටයි.

එසේම අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලහදූව සහ කෙරවලපිටියේ කොටසකට ද අදාළ කාලය තුළ ජලසැපයුම අත්හිටවනු ඇති.

Related posts

කලින් විදියට පළාත් සභා ඡන්දය තියන්න – පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි

Editor O

ඇමෙරිකා ජනාධිපතිගෙන්, හමාස් සංවිධානයට අවසන් දැනුම්දීමක්

Editor O

ජනතාවට සහන මිලට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment