දේශීය

විදුලි කප්පාදු විමර්ශන වාර්තාව අගහරුවාදාට පෙර

(UTV | කොළඹ) – විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විසින් පූර්ව දැනුම්දීමකින් තොරව පසුගිය 3 වනදා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය කප්පාදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ විමර්ශණයේ වාර්තාව ලබන අගහරුවාදාට පෙර ලබා දීමට දැනුම් දී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාතයංශය සඳහන් කරන ආකාරයට විදුලි කප්පාදුවක් කිරීමට හේතු වූ සියලුම කරුණු සහ එය වළක්වා ගැනීමට නොහැකිවූ හේතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් දෙන ලෙස විමර්ශණය සඳහා පත් කර ඇති පංච පුද්ගල කමිටුව වෙත අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

මෙම කමිටුවේ සභාපති වරයා ලෙස විදුලිබල රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් හේමන්ත සමරකෝන් පත් කර තිබේ.

ඕනෑම නිළධාරියෙකුගෙන් මෙම විමර්ශණයට අදාලව අමාත්‍යංශයේ තොරතුරු ලබාගැනීමටද පංච පුද්ගල කමිටුව වෙත බලය පවරා දී ඇත.

Related posts

කුඩු සළිඳුගේ පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලයි

Mohamed Dilsad

සම්මානනීය රංගවේදිනිය රත්නපුරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

Editor O

අකුණු සර වැදී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment