දේශීය

නාවික හමුදා සාමාජිකයින් 396 ක් බාර වෙයි

(UTV | කොළඹ) – නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින් 396 දෙනෙකු අද (07) නාවික කඳවුරු වෙත භාර වී තිබේ.

72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සමාජිකයින් හට නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත නාවික හමුදාවට එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

තවද, මෙම පොදු සමා කාල සීමාව 2020 පෙබරවාරි මස 12 වන දින දක්වා බල පැවැත්වේ.

තව දුරටත් නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික සමාජිකයින් සිටී නම් ඔවුන් හට මෙම කාලසීමාව තුල නාවික හමුදා කඳවුරු වෙත භාරවීමට අවස්ථාව උදා කර තිබේ.

Related posts

බදු අඩු කර, ඉන්දන මිල අඩු කරන ලෙස කංචන විජේසේකරගෙන් ඉල්ලීමක්.

Editor O

හුදකලා කර ඇති ප්‍රදේශ රැසක සංචරණ සීමා ඉවතට[RELEASE]

Mohamed Dilsad

කොවිඩ් ණය සහන තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment