දේශීය

නාවික හමුදා සාමාජිකයින් 396 ක් බාර වෙයි

(UTV | කොළඹ) – නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින් 396 දෙනෙකු අද (07) නාවික කඳවුරු වෙත භාර වී තිබේ.

72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සමාජිකයින් හට නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත නාවික හමුදාවට එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

තවද, මෙම පොදු සමා කාල සීමාව 2020 පෙබරවාරි මස 12 වන දින දක්වා බල පැවැත්වේ.

තව දුරටත් නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික සමාජිකයින් සිටී නම් ඔවුන් හට මෙම කාලසීමාව තුල නාවික හමුදා කඳවුරු වෙත භාරවීමට අවස්ථාව උදා කර තිබේ.

Related posts

රඹුක්කන නිවසකට පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු මරුට

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අගරු චෙක්පත් 8000 ක්

Mohamed Dilsad

Leave a Comment