දේශීය

යාල වනෝද්‍යානයට ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍ර අද සිට අන්තර් ජාලයෙන්

(UTV | කොළඹ) –  යාල වනෝද්‍යායට ඇතුළු වීමේදී විද්‍යුත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

අද (05) දිනයේ සිට අන්තර්ජාලය ඔස්සේ මෙම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදෙන අතර , දෙස් විදෙස් සංචාරකයින් යාල වනෝද්‍යානයට ඇතුළු වීමේ දී සිදු වන අධික තදබදය අවම කිරිම සඳහා මෙම පියවර ගෙන දෙස් විදෙස් සංචාරකයින් යාල වනෝද්‍යානයට ඇතුළු වීමේ දී සිදු වන අධික තදබදය අවම කිරිම සඳහා මෙම පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූර්යබණ්ඩාර මහතා සඳහන් කළේය.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ අදාල ප්‍රවේශ පත්‍ර ලබාගත හැක.

ලබාගත් විද්‍යුත් බලපත්‍රය අදාළ ජාතික උද්‍යානයේ පිවිසුම් දොරටුවේ දී එහි වලංගුතාවය පරීක්ෂා කිරීමේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් භාවිතා කරන බවත් , ඉන්පසුව අදාළ බලපත්‍රලාභියාට උද්‍යානය තුළට ඇතුළු විය හැකි බවත් සූර්යබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

පාසල් ළමුන් ප්‍රවාහනයත් දැඩි අපහසුතාවලට..

Mohamed Dilsad

අලි 06 දෙනෙක් මරාදැමූ දුම්රිය රියදුරා වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් විරෝධතාවයක්

Editor O

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

Editor O

Leave a Comment