දේශීය

ලංගම ප්‍රවේශපත්‍ර වංචා වැළැක්වීමට විශේෂ වැටලීම් ඒකකයක්

(UTV | කොළඹ) – ප්‍රවේශපත්‍ර වංචා වැළැක්වීමට විශේෂ වැටලීම් ඒකකයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම ඒකකය, ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන්ගේ සේවාවට අමතරව ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

මගීන්ගෙන් මුදල් අය කලත් ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම නිසා එක් ඩිපෝවකට දිනකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් අහිමිවන බවත් සමස්ත ඩිපෝ 109 ම සැළකිමේදී රුපියල් කෝටියක පමණ මුදලක් ලංගමයට අහිමිවන බවටත් ගණන් බලා ඇති බව ඒ මහතා සඳහන් කළේය.

Related posts

අතුරු අයවැය ඡන්ද විමසීම : සජිත් සහ ඩලස් තීරණයක් ගනී

Mohamed Dilsad

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

Mohamed Dilsad

වෙළෙඳපොළේ සම්බා, කීරි සම්බා සහ රතු කැකුළු සහල් හිඟයක්…!

Editor O

Leave a Comment