දේශීය

කළමනාකරණ සේවා තනතුරු ගැන ගත් අලුත්ම තීරණය

2021 වසරේ පවත්වන ලද කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මත මේ වනවිට බඳවා ගැනීම් සිදුකර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

 

අද (04) පාර්ලිමේන්තුවේ දී සංජීව එදිමාන්න මන්ත්‍රීවරයා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 

එම විභාගයේ ප්‍රතිඵල මත පළමු අදියර ලෙස කළමනාකරණ සේවා තනතුරට නිලධාරීන් 660ක්, දෙවැනි අදියර යටතේ නිලධාරීන් 276ක් හා තෙවැනි අදියර යටතේ නිලධාරින් 448ක් ලෙස සමස්ත වශයෙන් නිලධාරීන් 1,384ක් බඳවා ගෙන ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 

එම සියලු බඳවා ගැනීම් 2023 වසරේ දී සිදුකර ඇතැයි ද පැවසු අශෝක ප්‍රියන්ත මහතා මේ වනවිට මතුව ඇති විශාලම ගැටලුව එම නිලධාරීන් පිරිස ස්ථානගත කිරීම බවද කියා සිටියේය.

 

නිලධාරීන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීමට මේ වනවිට කමිටුවක් පත්කර ඇති බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා අද දිනයේ දී අමාත්‍යාංශ නිලධාරීන් හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

Related posts

රැකියා සඳහා බාධාවකින් තොරව පිටත්ව යා හැකියි

Mohamed Dilsad

IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගනී

Mohamed Dilsad

කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශයක් හුදෙකලා බවින් නිදහස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment