දේශීය

වූහාන් සිට ඉන්දියානුවන් 324 දෙනෙක් රැගෙන එයි

(UTV | කොළඹ) – චීනයේ වූහාන් නගරයේ සිට ඉන්දියාවට විශේෂ ගුවන් යානයකින් එරට පුද්ගලයින් 324 දෙනෙකු රැගෙන විත් තිබේ.

බෝයිං 747 වර්ගයේ මෙම ගුවන් යානය නවදිල්ලි ගුවන් තොටුපළ වෙත අද උදෑසන ගොඩබස්වා ඇති අතර ගුවන් යානයේ වෛද්‍යවරුන් 5 දෙනෙකු ඇතුළු විශේෂ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ද යොදවා තිබුණි.

විදෙස් මාධ්‍ය පවසන්නේ වූහාන් නගරයේ සිටි ඉන්දියානුවන් 6 දෙනෙකු යානයට ඇතුළු කරගෙන නොමැති බවයි.

ඒ, ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදිත වි ඇත්නම් යානයේ අනෙක් මගීන්ට එය අවදානම් වන හෙයිනි.

කෙසේවෙතත් වූහාන් සිට පැමිණි ඉන්දියානුවන් 324 දෙනා විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක් රැදවීමට පියවර ගෙන තිබේ.

 

Related posts

සියලුම සමෘද්ධි ලාභීන් සඳහා මුදල් දීමේ පළමු අදියර හෙටින් අවසන්

Mohamed Dilsad

සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරයි

Mohamed Dilsad

උගන්ඩාවේ මුදල් සඟවා ඇතැයි දේශපාලන වේදිකාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ තැනැත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

Editor O

Leave a Comment