දේශීය

කොරෝනා වෛරසය හඳුනාගැනීමේ එක් පරික්ෂාවකට රු 30,000 ක්

(UTV | කොළඹ) – චීනයේ පැතිර යන කොරෝනා වෛරසය ආසාධනය වූ බවට ඇතිවූ සැකය මත මේ වන විට රෝගීන් 20 දෙනෙකුගේ සාම්පල පරික්ෂා කර ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ එම සාම්පල අතරින් පෙර හඳුනාගත් චීන ජාතික කාන්තාව හැර වෙනත් කිසිඳු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වූ බවට තහවුරු වී නොමැති බවයි.

මෙම රෝගය ආසාධනය වී ඇත්දැයි තහවුරු කරගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදුකරන පරික්ෂාව සඳහා රුපියල් තිස්දහසක මුදලක් එක් පුද්ගලයෙකු වෙනුවෙන් වැය වන බවත් කෙසේවෙතත් මහජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් රජය නොමිලේ ලබාදෙන බවත් අධ්‍යක්ෂ වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

දුම්වැටි තොගයක් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

ජාඇල, පමුණුගම පොලීසියේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment