දේශීය

අජිත් ප්‍රසන්න ඇතුළු 3 ක් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න සහ නාවික හමුදාවේ හිටපු බුද්ධි අංශ නිළධාරින් දෙදෙනෙකු ලබන 14 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා එහිදී අධිකරණයට අපහාස කිරීම සහ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීම සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාල නඩුවක් යටතේද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතවයි සිටින්නේ.

Related posts

හෙට සිට බණ්ඩි පොහොර මිල පහළ ට

Mohamed Dilsad

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොත් ලක්ෂ තුනහමාරක අසභ්‍ය පිටු ඉවත් කර ළමයින්ට බෙදනවා – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්⁣ නාලක කළුවැව

Editor O

පයාගල වෙරළට හදිසියේ ගුවන් යානයක් ගොඩ බසී

Mohamed Dilsad

Leave a Comment