දේශීය

සෞඛ්‍ය ව්‍යාපෘති ප්‍රගතිය බැලීමට ලෝක බැංකු ප්‍රධානියෙක් ලංකාවට

(UTV | කොළඹ) –  ලෝක බැංකුවේ ණය සහන මත ඇමරිකානු ඩොලර් මිලියන 200 ක වියදමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති හැඩිවික් ෂැපර් මහතා අද (31) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ෂැපර් මහතා පෙබරවාරි 01 වැනි දින මධ්‍යම පළාතේ සියලුම සෞඛ්‍ය බලධාරීන් හමුවීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය බලගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

මෙහිදී හැඩිවික් ෂැපර් මහතා එම ව්‍යාපෘතියේ ඉදිරි වැඩසටහන් සඳහා වන සැළසුම් සමාලෝචනය කරනු ඇති බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියයි.

Related posts

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරයි.

Editor O

සාමාන්‍ය ජනතාවට කොරෝනා මර්දන එන්නත නොමිලයේ [VIDEO]

Mohamed Dilsad

රු කෝටි 11ක රත්‍රන් ජෙල් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment