ගොසිප්

මහ මැතිවරණය වෙනුවෙන් බැසිල් අද රාත්‍රියේ දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද ( 30) රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඔහු ඉකුත් ජනපතිවරණයේදී ජනපති ගෝඨාභය මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටුකරනු ලැබීය.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හා තවත් කාරණා කිහිපයක් වෙනුවෙන් ඔහු ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව ගොස් තිබිණි.

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන කටයුතු වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා නැවත පැමිණෙන බවද වැඩිදුරටත් වාර්තා විය.

Related posts

වීඩියෝවේ සිටින පුද්ගලයා මම නෙමෙයි – මේක දේශපාලන මඩ ගැසීමක්

Mohamed Dilsad

ත්‍රස්තවාදී සහරාන්ගේ බිරිදගෙන් රහස් ප්‍රකාශයක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් අධීක්‍ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්

Mohamed Dilsad

Leave a Comment