දේශීය

උණ රෝගයක් හේතුවෙන් ශ්‍රීපාද විද්‍යා පීඨය තාවකාලිකව වසයි

(UTV | හැටන්) – හැටන් පතන ශ්‍රීපාද විද්‍යා පීඨය වෛරස් උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබේ.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේ නිළධාරින් විසින් ලබන 5 වනදා තෙක් විද්‍යාපීඨය වසා තබන ලෙස පීඨාධිපතිනියට උපදෙස් දී ඇති බවට වාර්තා වේ.

කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රීක් වෛද්‍ය නිළධාරිනී වෛද්‍ය සාවිත්‍රි ශර්මා සඳහන් කරන ආකාරයට හැටන් පතන ශ්‍රීපාද විද්‍යා පීඨයේ ගුරු සිසු සිසුවියන් 250කට ආසන්න පිරිසක් අද (30) සහ ඊයේ(29) දිනවලදී උණ රෝගය සහ ස්වසන අපහසුතා හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.

එම විද්‍යා පීඨයේ තවත් සිසුන් පිරිසක් දික්ඔය මූලික රෝහලෙන්ද ප්‍රතිකාර ගෙන තිබේ.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ශ්‍රීපාද විද්‍යා පීඨය තුල වෛරස් උණ රෝගයක් පැතිර යාම පිළිබඳ විද්‍යාපීඨය තුල විමර්ශණයක් ආරම්භ කර ඇති බව එහි සෞඛ්‍ය වෛද්‍ය අධිකාරීවරයා පැවසුවේය.

Related posts

අගවිනිසුරු ට යොමුකළ ලිපියක් ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

ණය ප්‍රශස්තකරණයට ප්‍රංශයේ සහාය

Mohamed Dilsad

පසුගිය වසර 5 තුළ ලංවිම පාඩුව බිලියන 181.5 ක්

Mohamed Dilsad

Leave a Comment