දේශීය

පාඨලීගේ රියදුරුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත දිලුම් කුමාර අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් දී තිබේ.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුවයි.

තවද ඔහු පැයක පමණ කාලයක් එම ප්‍රකාශය ලබාදී ඇති බව සඳහන්.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක්වීමේ සිද්ධිය පිළිබඳ නඩුවට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙසයි මොහු නම් කර තිබේ.

 

Related posts

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යම් විශේෂ වරප්‍රසාද ලැබෙනවා …! – සංජීව එදිරිමාන්න

Editor O

අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයින්ට රාජකාරි හැඳුනුම්පතට අමතරව ආයතනයේ ලිපිය අවශ්‍යයි

Mohamed Dilsad

ඔමික්‍රෝන් ආසාධිතයින් හොයන විශේෂ පරීක්ෂණයක් හෙට

Mohamed Dilsad

Leave a Comment