දේශීය

ශානි පිළිබඳ විමර්ශනය කල් යයි

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහි චෝදනා පිළිබඳව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝකර තිබේ.

පසුගිය 7 වනදා පොලිස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ සිදුවූ දුරකතන සංවාදවලට අදාලව ශානි අබේසේකරට එල්ල වී චෝදනා පිළිබඳ මූලික විමර්ශනයක් කර සති 2 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත දැනුම් දී තිබුණි.

වාර්තාව ලබාදීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් තවත් කාලයක් අවශ්‍ය බවට දැනුම්දී ඇති අතර ඒ අනුව එම වාර්තාව ලබාදිමට තවත් සති 2 ක කාලයක් ලබා දීමට පොලිස් කොමිසම තීරණය කර තිබේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට ලබන 31 වනදා පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

PHI මධ්‍යම විධායක සභාව රැස්වීම අද පස්වරුවේදී

Mohamed Dilsad

කොළඹ මහ නගර සභාවට රෝසි

Editor O

Leave a Comment