දේශීය

ශානි පිළිබඳ විමර්ශනය කල් යයි

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහි චෝදනා පිළිබඳව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝකර තිබේ.

පසුගිය 7 වනදා පොලිස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ සිදුවූ දුරකතන සංවාදවලට අදාලව ශානි අබේසේකරට එල්ල වී චෝදනා පිළිබඳ මූලික විමර්ශනයක් කර සති 2 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත දැනුම් දී තිබුණි.

වාර්තාව ලබාදීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් තවත් කාලයක් අවශ්‍ය බවට දැනුම්දී ඇති අතර ඒ අනුව එම වාර්තාව ලබාදිමට තවත් සති 2 ක කාලයක් ලබා දීමට පොලිස් කොමිසම තීරණය කර තිබේ.

Related posts

ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක් වැඩිපුර ගෙවූ සංස්ථා ලොක්කෝ රට පැනලා.

Editor O

ගෑස් ටැංකියෙන් විශාල ශබ්ද ඇසෙයි… ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න ගිය රවී කරුණානායකට ගෙදර යන්න වෙයිද…?

Editor O

ඉන්දියාවේ ප්‍රාන්ත අමාත්‍යවරයෙක් වෙඩි තබා ඝාතනය කරයි.

Editor O

Leave a Comment