දේශීය

තැපැල් ඡන්ද නීති වෙනස් වන ලකුණු

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ නීතිය ඇතුලු මැතිවරණ නීති කිහිපයක් සංශෝධනය කිරීමේ මූලික අදියරේ කටයුතු ආරම්භ කර ඇත.

අදාල නීති මේ වන විට කෙටුම්පත්කර අවසන් බව එහි ලේකම් එච් එම් ටී හේරත් කියා සිටියේය.

ලේකම්වරයා සඳහන් කරන ආකාරයට මාධ්‍යවේදීන් – වෛද්‍යවරුන් ඇතුලු අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත පුද්ගලයන්ට පහසුවන ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට මෙම සංශෝධන යටතේ අවධානය යොමුවී ඇත.

තවද වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තැනැත්තන්ට ඡන්දය භාවිත කිරීමට අවසර දීම සහ මැතිවරණ වියදම් සීමා කිරීමට අදාල සංශෝධන සඳහා නීති කෙටුම්පත් කර අවසන් බව ලේකම්වරයා පවසයි.

අදාල සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කිරීම දක්වාවූ ඉදිරි පියවර කඩිනමින් අවසන් කිරීම කොමිෂන් සභාවේ අරමුණ බවද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ජීවිතයට තර්ජන එල්ලවී ඇතැයි මන්ත්‍රී රෝහණ බණ්ඩාරගෙන් කථානායකට පැමිණිල්ලක්

Editor O

වෙසක් උත්සවය නිවසට වී ආගමානුකූලව සමරන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

Leave a Comment