දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙටට කල්යයි

(UTV | කොළඹ) – අද(23) දිනයේ රැස්වීමට නියමිතව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(24) දිනය දක්වා කල්දමා තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට කථානායක කරු ජයසූරියගේ සභාපතීත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට පස්වරු 01.30ට රැස්වීමට නියමිත වේ.

අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා ප්‍රධානත්වය උසුලන ව්‍යවස්ථා සභාව සඳහා සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස් කොමිසම, අල්ලස් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව යන ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරිමේ වගකීම පැවරී ඇත.

Related posts

වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරේ

Editor O

සහල් මෝල් හිමියන්ගෙන් සහල් සිල්ලර මිල නිවේදනයක්

Mohamed Dilsad

රජයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment