දේශීයප්‍රමුඛ පුවත 1

රන්ජන් අද රජයේ රස පරීක්ෂක හමුවට

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක කටහඩ පරීක්ෂාවක් සඳහා අද (23) රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා පසුගියදා ලබාදුන් නියෝගයකට අනුවයි.

දැඩි කතාබහට ලක්වූ දුරකථන සංවාද සිද්ධියට අදාළව රංජන් රාමනායක මහතා මෙලෙස කටහඩ පරීක්ෂණයකට යොමු කෙරෙනු ඇත.

මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී පසුගියදා සොයාගත් දෘඪ තැටි, සංයුක්ත තැටි, ගිනි අවිය සහ ජීව පතොරොම් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගිය 09 වනදා භාර දී තිබුණි.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාව මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.

Related posts

බස් රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට සිට අවසර

Mohamed Dilsad

වීසා නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ට පොදු සමා කාලයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයි

Mohamed Dilsad

Leave a Comment