දේශීයව්‍යාපාරික

වසර පුරාවට ඵලදාව ලැබෙන නව අඹ ප්‍රභේදයක්

(UTV | කොළඹ) –  වසර 15 ක් පුරාවට සිදුකළ පරීක්‍ෂණවලට අනුව වසර පුරාම ඵලදාව ලැබෙන අඹ ප්‍රභේදයක් සොයාගෙන තිබෙන බවත්, ඉදිරියේදී මෙය ජනතාවට ලබාදෙන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීටර් පහක් වැනි සීමිත උසක් දක්වා අඹ ගස වර්ධනය වන අතර මේ හේතුවෙන් කුඩා භූමියක පවා මෙම ශාකය පැළ කර ගැනීමේ හැකියාව පවතී.

2005 වසරේදී ආරම්භ කළ අධ්‍යයනයකට අනුව මෙම අඹ ප්‍රභේදය සොයාගත් බවත්, විලාඩ්, කර්තකොළොම්ඹන් අඹ ප්‍රභේද සැලකීමේදී නව ප්‍රභේදය තුළින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුවේ කෘෂි තොරතුරු මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.

වියළි කාලගුණ තත්ත්වයන් යටතේ මෙම ප්‍රභේදය තුළින් වැඩි ඵලදාවක් ලැබෙන බවට පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත.

මෙම ප්‍රභේදය තිරුනෙල්වේලියෝලෝ ලෙස නම් කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන්නන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

විදේශයන්හි ලාංකිකයන් ගෙන්වීම ඉදිරි දින 10 දක්වා සීමා කරයි

Mohamed Dilsad

පෙර පාසල් ආරම්භ කරන දිනය ප්‍රකාශ කෙරේ

Mohamed Dilsad

Leave a Comment