දේශීයව්‍යාපාරික

වසර පුරාවට ඵලදාව ලැබෙන නව අඹ ප්‍රභේදයක්

(UTV | කොළඹ) –  වසර 15 ක් පුරාවට සිදුකළ පරීක්‍ෂණවලට අනුව වසර පුරාම ඵලදාව ලැබෙන අඹ ප්‍රභේදයක් සොයාගෙන තිබෙන බවත්, ඉදිරියේදී මෙය ජනතාවට ලබාදෙන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීටර් පහක් වැනි සීමිත උසක් දක්වා අඹ ගස වර්ධනය වන අතර මේ හේතුවෙන් කුඩා භූමියක පවා මෙම ශාකය පැළ කර ගැනීමේ හැකියාව පවතී.

2005 වසරේදී ආරම්භ කළ අධ්‍යයනයකට අනුව මෙම අඹ ප්‍රභේදය සොයාගත් බවත්, විලාඩ්, කර්තකොළොම්ඹන් අඹ ප්‍රභේද සැලකීමේදී නව ප්‍රභේදය තුළින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුවේ කෘෂි තොරතුරු මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.

වියළි කාලගුණ තත්ත්වයන් යටතේ මෙම ප්‍රභේදය තුළින් වැඩි ඵලදාවක් ලැබෙන බවට පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත.

මෙම ප්‍රභේදය තිරුනෙල්වේලියෝලෝ ලෙස නම් කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

දරු දිරි සම්පත ලොතරැයි පත මුද්‍රණ කොන්ත්‍රාත්තු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට දිස්වේ

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදු කාලසටහන

Mohamed Dilsad

Leave a Comment