දේශීය

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට දිස්වේ

(UTV  | කොළඹ) – ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය(ISS) අද (11) ශ්‍රී ලංකාවට ඉහළින් මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට අහස පැහැදිලි නම්, පියවි ඇසට පෙනෙනු ඇත.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට අනුව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය යනු මේ දිනවල අහසේ තුන්වන දීප්තිමත්ම වස්තුව වේ. ඔබට එය පහසුවෙන් හඳුනාගත හැක.

අහස පැහැදිලි නම්, පියවි ඇසට පෙනෙන නම්, එය වේගයෙන් ගමන් කරන ගුවන් යානයක් මෙන් පෙනේ.

නැරඹීමේ අවස්ථාව මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වන අතර ක්ෂිතිජයට පහළින් මිනිත්තු 3 ක උපරිම කාලයක් සඳහා දෘශ්‍යමාන වේ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වරින් වර ශ්‍රී ලංකාවට දැකගත හැකි අතර 2020 අගෝස්තු මාසය තුළ එය දින කිහිපයක් දැකගත හැක.

Related posts

ඉන්ධන බද්ධ අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

දුම්රිය ගාස්තු ඉහළට

Mohamed Dilsad

කෙරවලපිටිය දැවි තෙල් බලාගාරය නවතී

Mohamed Dilsad

Leave a Comment