දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

(UTV | කොළඹ ) – සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් විටින් විට හමන තද සුළං පැ.කි.මි.(40-50) දක්වා වර්ධනය විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

Related posts

මිලියන 122 කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ තොගයක් රේගු භාරයට

Mohamed Dilsad

නම සහ ලකුණ කාර්යාලයේ ප්‍රදර්ශණයට අවසර ඉල්ලයි

Mohamed Dilsad

අද සිට අයවැයෙන් අනුමතව ක්‍රියාත්මක සහන ණය

Mohamed Dilsad

Leave a Comment