විදෙස්

ඉන්දියාවේ හිටපු ජනපතිටත් කොරෝනා

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි හට කොවිඩ් -19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර ඇත.

84 හැවිරිදි වියේ පසුවන හිටපු ඉන්දීය ජනාධිපතිවරයා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කර ඇති අතර පසුගිය සතියේදී තමාව පෞද්ගලිකව හමුවූ සියලු දෙනාම ස්වයං නිරෝධායනයට සහ කොවිඩ් පරීක්ෂණයකට යොමු වන්නැයි  ඉල්ලීමක් කර ඇති බව එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කරයි.

 

Related posts

මෙරටින් බැහැරට ගෙන ගිය වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

Editor O

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය සඳහා, ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයේ සහය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් මැදිහත්වෙයි

Editor O

අධික වර්ෂාවෙන් තායිලන්තයේ 40ක් මරුට

Mohamed Dilsad

Leave a Comment