දේශීය

දරු දිරි සම්පත ලොතරැයි පත මුද්‍රණ කොන්ත්‍රාත්තු කාලය දීර්ඝ කරයි

(UTV | කොළඹ) – ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් දිනුම් අදිනු ලබන ‘දරු දිරි සම්පත’ නව ලොතරැයි පත මුද්‍රණය කර සැපයීම සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනමා ඇති මුද්‍රණ කොන්ත්‍රාත්තුවේ කාලය දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

ඒ සඳහා වන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇත.

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

‘දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල’ ශක්තිමත් කිරීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘දරු දිරි සම්පත’ ලොතරැයිය මුද්‍රණය කිරීම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනමා ඇති කොන්ත්‍රාත් ගිවිසුම් කාලය මේ වසරේ මැයි 12 වනදායින් අවසන් වී තිබේ.

එම කාලසීමාවෙන් අනතුරුව සුදුසු මුද්‍රණකරුවකු තෝරා ගැනීම සඳහා ආරම්භ කරනු ලැබ ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් මේ දක්වා අවසන් කර ගැනීමට හැකියාව ලැබී නොමැත.

එනිසා ලොතරැයි පත් මුද්‍රණය කිරීම සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත ප්‍රදානය කර ඇති කොන්ත්‍රාත්තුව මුලින් එකඟ වී ඇති පිරිවිතරයන් හා මිල ගණන් යටතේම 2020-05-13 දින සිට 2020 11-12 දින දක්වා මාස 06 ක කාලයක් සඳහා තවදුරටත් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙතින්ම ඉටු කරවා ගැනීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Related posts

මහෙස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

වෛරසය පාලනය වන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතුයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment