ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රීඩයෙකුගෙන් නව ලෝක වාර්තාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිළේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ පැයට කිලෝමීටර් 175ක වේගයකින් පන්දුවක් යවමින්.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා දකුණු අප්‍රිකාවේදී පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟයේදි මතීෂ පතිරණ මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

එම තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවද මතීෂගේ පන්දු යැවීම ජාත්‍යන්තරයේ අවධානයට ලක් විය.

Related posts

ආසියානු කුසලානය 2022 : පාකිස්තානය – ශ්‍රී ලංකාව අද තරඟ බිමට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ රිදී ජුබිලිය සමරයි [PHOTOS]

Mohamed Dilsad

තවත් ක්‍රිකට් ලෝක වාර්තාවක්!

Mohamed Dilsad

Leave a Comment