ගොසිප්

මගීන්ට මුත්‍රා ඉස ශ්‍රී ලාංකික කත රිමාන්ඩ්

(UTV |ඊශ්‍රායලය) – ඊශ්‍රායලයේ බෙන්ගුරියන් ගුවන්තොටුපළේදී  ශ්‍රී ලාංකික කාන්තාවක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝප්පයක තිබූ සිය මුත්‍රා ගුවන් යානයේ අසුන්ගෙන සිටි මගීන්ට ඉසීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙනි.

ව්‍යාජ වීසා බලපත්‍රයක්‌ මත ඊශ්‍රායලයට පැමිණ ඇති මෙම කාන්තාව රටින් පිටුවහල් කිරීම සඳහා ගුවන් යානාවට ගෙන ගොස්‌ ඇත.

එම අවස්තාවේදී ඇය මෙලෙස හැසිරී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇය තමාට වැසිකිළියට යාමට අවශ්‍ය බව පැවසීම නිසා පොලිස්‌ භටයන් දෙදෙනා ඇගේ මාංචු ගලවා ඇත.

පසුව වැසිකිළියට ගොස් ඇය සිය මුත්‍රා කෝප්පයකට රැගෙනවිත් මගීන්ට ඉස තිබේ.

ඒ අනුව අදාල ශ්‍රීලාංකික කාන්තාව බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වේ.

Related posts

රටේ කොවිඩ් අවදානම ගැන වෛද්‍යවරු හෙළිකරන දෙය

Mohamed Dilsad

මම ජනපති වුනොත්….”

Mohamed Dilsad

අති උතුම් පාප් වහන්සේ හදිසි කෝපයට පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment