දේශීයප්‍රමුඛ පුවත 1

ගිනි අවියක් ක්‍රියාත්මකවී හිමි නමක අපවත් වෙති

(UTV |ගාල්ල) – පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ හිමිනමක් අපවත්වී තිබේ.

හුංගම ප්‍රදේශයේ දෙපිසක් අතර ඇතිවූ පොර බැදීමකදී මෙලෙස පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත.

මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට එය නතර කරන ලෙස සංඥා කළද ඔහු එය නොනවත්වා ධාවනය කර ඇති බව පොලිසිය පවසයි.

පසුව පොලිස් නිලධාරීන් ඔහු ලුහුබැඳ ගොස් අදාළ පුද්ගලයා සමඟ පොරබැදීමක් සිදු කර ඇත.

එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඒ අසළින් ගමන් කරමින් තිබූ වෑන් රථයක සිටි හිමි නමට හිමිනමට වෙඩි වැදී තිබේ.

තුවාල ලැබූ 21 හැවිරිදි හිමිනම රෝහල් ගතකරන විටත් අපවත්වී සිටි බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

මේ වනවිට කොරෝනා බවට සැක රෝගීන් 255 ප්‍රතිකාර ලබයි – වෛද්‍ය අනිල් ජාසිංහ

Mohamed Dilsad

සා.පෙළ අයදුම් පත්‍ර නිකුත් කිරීම 15 න් අවසන්

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තුවේ

Mohamed Dilsad

Leave a Comment