ප්‍රමුඛ පුවත 1

අංගොඩ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක යතුරුපැදියක් සොයාගනියි…

(UTV| කොළඹ)  – ඊයේ (08) රාත්‍රියේ මුල්ලේරියාව – අංගොඩ මං සන්ධියේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන යතුරුපැදියක් වැල්ලම්පිටිය – කොහිලවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම ප්‍රදේශයේ කැළණි ගඟ අසබඩ තොටුපළක් අසළ දමා ගොස් තිබියදී ව්‍යාජ අංක තහඩු සහිත එම යතුරුපැදිය සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

එම යතුරුපැදිය වෙඩි තැබීමේ සිද්ධිය සඳහා සම්බන්ධ ද යන්න පිළිබදව පොලීසිය මේ වන විටත් පුළුල් විමර්ශනයක් සිදුකරමින් පවතියි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කැළණිමුල්ලේ පදිංචි වයස අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

Mohamed Dilsad

ඩුබායි රටින් පිටුවහල් කල තවත් තිදෙනෙකු මෙරටදී අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් කීපයකට අද මිලිමීටර් 100 දක්වා තද වැසි…

Mohamed Dilsad

Leave a Comment