දේශීය

අද සිට වැසි අඩුවන ලකුණු

(UTV | කොළඹ) – දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ සාක්ෂේව අඩුවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

උතුරු මැදි පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

දිවයින හරහා විටින් විට පැ.කි.මී 40 – 50 පමණ තද සුළං ඇතිවිය හැකිය.

ගිණිකොණ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පේදුරු තුඩුවේ සිට කිලෝමීටර 250ක් පමණ උතුරු දෙසින් පවතී.

එය වයඹ දෙසට ගමන් කර අද දින සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළඟාවේ යැයි අපේක්ෂා කෙරේ.

Related posts

රංවලගේ ආචාර්යය උපාධිය ගේන්න තව කල් තියෙනවා – නලින්ද ජයතිස්ස

Editor O

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟය ගාල්ලේ දී ඇරඹේ – නොමිලේ තරඟය නරඹන්න අවස්ථාව

Editor O

ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 12,000ක්

Editor O

Leave a Comment