දේශීය

මෙරට ඉන්දීය මහකොමසාරිස් තනතුරෙහි වෙනසක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තනතුරෙහි වෙනසක් ඉදිරියේදී සිදුවිය හැකි බව ඉන්දීය මාධ්‍ය අද (16) වාර්තා කර තිබේ.

ඒ අනුව ඉන්දීය අගමැති කාර්යාලයේ සම ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන ගෝපාල් බග්ලි දැනට මහකොමසාරිස් ධුරය දරන තරංජිත් සිං සන්දු වෙනුවට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

තරංජිත් සිං සන්දු ඇමරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත් කිරීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මීට පෙර ගෝපාල් බග්ලි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කර තිබේ.

Related posts

ලබන 07 වනදා දක්වා පාසැල් යළි වැසෙයි

Mohamed Dilsad

කොරෝනා වෛරසය පාලනය කිරීමට ගෙන ඇති පියවර තවදුරටත්

Mohamed Dilsad

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන මෙන්න

Mohamed Dilsad

Leave a Comment