ගොසිප්

භාතිය සන්තුෂ්ටත් අලුත් ආණ්ඩුවෙන් ප්‍රබල තනතුරු

(UTV | කොළඹ) –  අති ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පීන් යුවළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන්ට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සංචාරක ක්ෂේත්‍රයට අනුබද්ධ ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලට පත්කරන ලෙස නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි. 

මෙම තනතුරුවලට මොවුන් දෙපළව පත්කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය ද හිමිව තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ලිපියක් මගින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මියට මේ බව දැනුම් දී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

හතුරිසිංහ ලෝකයේ හොඳම පුහුණුකරුවන් අතරින් එක්කෙනෙක් – තිලංග සුමතිපාල

Mohamed Dilsad

නාවික සෙබළෙකුත් කොරෝනා රෝගයට ගොදුරු වෙයි

Mohamed Dilsad

“නැවත පුහුණුකරු වීමට නම් හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව සාකච්ඡා කළ යුතුයි” – හරින් ප්‍රනාන්දු

Mohamed Dilsad

Leave a Comment