ගොසිප්

නාවික සෙබළෙකුත් කොරෝනා රෝගයට ගොදුරු වෙයි

(UTV |කොවිඩ් 19 ) – අද (22) වාර්තා වූ 12 වන කොරෝනා රෝගියා නිවාඩු ලබා සිටින නාවික හමුදා සෙබළෙක් බව වාර්තා වේ.

ඔහු පොළොන්නරුව, වැලිකන්ද රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි, නිවාඩු ලබා සිටින නාවික හමුදා සෙබළෙක් බව සඳහන්.

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 323 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 11 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බේරුවල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණ වී ඇත.

Related posts

ආණ්ඩුවේ තීරණ වලට ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන්ම විරෝධය

Mohamed Dilsad

විදුලිය කැපීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

ක්‍රිකට් තරග පාවාදීම් සිදුකළ ආන්දෝලනාත්මක හඬපට රන්ජන් සතු බවට අර්ජුන කියයි

Mohamed Dilsad

Leave a Comment