ක්‍රීඩා

3 වන එක්දින ක්‍රිකට් තරගයේ ජය කොදෙව්වන්ට

(UTV |ග්‍රෙනාඩා) – ඊයේ (12) අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුව පහරදීමට අයර්ලන්ත කණ්ඩායමට අවස්ථාව ලබාදුන්නේය.

ඒ අනුව ඔවුන් පන්දුවාර 49 යි එක් පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 203ක් ලබාගත්තේය.

වර්ෂාව හේතුවෙන් බාධා එල්ල වීමත් සමග තරගය පන්දුවාර 47කට සීමා කිරීමට තරග තීරකයින් කටයුතු කළේය

ඒ අනුව ලකුණු 197 ක ඉලක්කයක් කොදෙව් කණ්ඩායමට හිමිවූ අතර පන්දුවාර 36යි පන්දු දෙකක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

මිට අමතරව මෙම විස්සයි විස්ස තරඟාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඩ්වේන් බ්‍රාවෝ කැඳවා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ 2016 වසරෙන් පසු ඔහු සහභාගිවන පළමු ජාත්‍යන්තර තරඟය මෙය බවයි.

විස්සයි 20 තරඟවලින් විශ්‍රාම ගිය ද යළිත් 2020 දි ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා එක්වීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

ICC මූලස්ථානය තාවකාලිකව වසා දැමෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ මඩින්න ඉන්දියාවේ සහාය

Mohamed Dilsad

පළමු එක්දින තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්

Mohamed Dilsad

Leave a Comment