දේශීය

සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු හේතුවෙන් පාසල් තුනක් වැසෙයි

(UTV | කොළඹ) –  පසුගිය වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු හේතුවෙන් පාසල් තුනක් සම්පූර්ණයෙන් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇගයීම් කටයුතු ලබන 18 වනදා සිට 26 දක්වා පැවැත්වීමට නියමිත බව එම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව මාතර මහාමායා බාලිකා විද්‍යාලය, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය මහනුවර සහ කුරුණෑගල මල්ලවපිටිය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය අදාළ කාලය තුළ සම්පූර්ණයෙන් වසා දැමෙනු ඇත.

මීට අමතරව 2019 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු හේතුවෙන් පාසල් 24 ක කොටසක් පමණ වසා තැබෙන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

20 ට එරෙහි පෙත්සම්වල නීතිපතිගේ වැඩිදුර කරුණු දැක්වීම ලබන සඳුදා

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

ළමයින්ට අදාළව, ශ්‍රී ලංකාවේ ඇති එකම ගැටළුව විසඳයි : ලෝක ළමා දිනය වෙනස් කරන බව, ළමා ඇමති සරෝජා කියයි

Editor O

Leave a Comment