දේශීය

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී කටයුතු කරන ආකාරය

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී එම මන්ත්‍රීවරයාගේ අභිමානයට සහ ගෞරවයට හානියක් සිදු නොවන අයුරින් එම අත්ඩංගුවට ගැනීම සිදු කළ යුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂයේත්,විපක්ෂයේත් මන්ත්‍රීවරු පොලිසියට හා ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම්දි තිබේ.

කුමන දේශපාලන පක්ෂයක් හෝ පාර්ශවයක් නියෝජනය කළද මන්ත්‍රීවරයෙක් වරදක් සිදුකර ඇත්නම් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු නමුත්, ඒ සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ඒ සම්බන්ධව මාර්ගෝපදේශනයක් පොලිස් නිලධාරීන්ට නිකුත් කරන ලෙසත් මන්ත්‍රීවරු පොලිසියට සහ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දුන්හ.

මෙම උපදෙස් ලබාදීම සිදු කෙරුණේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේත්,විපක්ෂයේත් මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදීය.

Related posts

බදු පිළිබඳව ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

අන්තවාදී මත පැතිරවූ තවත් දෙදෙනෙක් TID අත්අඩංගුවට

Mohamed Dilsad

ත්‍රිකුණාමලය දිසා විනිසුරු ගනේෂ් රාජාගේ වැඩ තහනම්

Editor O

Leave a Comment