දේශීයප්‍රමුඛ පුවත 1

අමාත්‍ය කේ. ෂන්මුගම් සහ ජනපති අතර හමුවක්

(UTV | කොළඹ) –  මෙරටට පැමිණ සිටින සිංගප්පූරු නීතිය සහ ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඊයේ (08) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබේ.

මෙහිදී දෙරටට වැදගත්වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේය.

වෙළෙඳ සහ ආයෝජන කේෂ්ත්‍රයන් හි ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව පුළුල් අවධානය යොමු කෙරුණු අතර විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම, සයිබර් ආරක්ෂණය, අන්තවාදය පිටුදැකීම, විදේශ බලවේගයන්ගේ තර්ජන හා බලපෑම්, බුද්ධි අංශය වර්ධනය කිරීම ඇතුළු කලාපීය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.

 

Related posts

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

Mohamed Dilsad

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ගුරු සංගමයේ තීරණය අද

Mohamed Dilsad

අද විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

Leave a Comment