දේශීයප්‍රමුඛ පුවත 1

පොලිසිය වෙත එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කෙරේ

(UTV | කොළඹ) – රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඞ පට පොලීසිය විසින් මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතිෂේප කරන බව පොලිසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලීස මුලස්ථානය සඳහන් කළේ එම හඞපට සමාජගත කිරීමේ වගකීම ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින්ට පැවරෙන බවයි.

පසුගිය ජනවාරි 02 වැනිදා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු මිරිහාන පොලීසියට බාහිර දෘඩ තැටියක් භාර දි තිබේ.

කුලී ගමනක් යමින් සිටි පුද්ගලයෙකු අමතකවීමෙන් එය තම ත්‍රීරෝද රථයේ දමා ගොස් තිබූ බව අදාළ පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනය මෙසේය.

Related posts

අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩු වේ

Mohamed Dilsad

රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම අද

Mohamed Dilsad

හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment