ප්‍රමුඛ පුවත 1

අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩු වේ

 

(UTV | කොළඹ) – අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩු කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රුපියල් 10 ත් 20 ත් අතර මුදලකින් මෙම ගාස්තු සංශෝධනය සිදුකර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මාකුඹුර සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් 420 සිට රුපියල් 410 දක්වා අඩුකර තිබේ.

මාකුඹුරසිට මාතර දක්වා රුපියල් 530 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 520 දක්වා අඩු කර ඇති අතර කොළඹ සිට මාතර දක්වා 580ක්ව පැවති බස් ගාස්තුව 570 ක් දක්වා අඩු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

අධිවේගී මාර්ගයේ කඩවත සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් 470 ක් ලෙස සංශෝධනය කර ඇති අතර කඩවත සිට මාතර දක්වා බස් ගාස්තුව 570 ක් ලෙස සංශෝධනය කර තිබේ.

කඩුවෙල සිට මාතර දක්වා රුපියල් 570 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 550 ක් ලෙස සංශෝධනය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තරුණ පරපුරගේ උසස් අධ්‍යාපන පිළිබඳව සැලකිලිමත් – ගෝඨාභය [VIDEO]

Mohamed Dilsad

පොලිසියේ පිරිසකට උසස්වීම්

Mohamed Dilsad

බස් සංගම් වර්ජනයකට සුදානම් වෙයි ?

Mohamed Dilsad

Leave a Comment