දේශීය

රත්මලානේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

(UTV | කොළඹ) – ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

ඊයේ(08) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් තිදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී එක් පුද්ගලයෙකු මිය ගොස තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෘත දේහය කළුබෝවිල රෝහලේ තැම්පත් කර ඇති අතර තුවාලකරුවන්ද කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩි දුර පරීක්‍ෂණ පවත්වයි.

 

Related posts

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළට

Mohamed Dilsad

ඉන්දීය බිත්තර මිලියන 92ක් ආනයනයට අනුමැතිය

Mohamed Dilsad

අද සිට රට පුරා වර්ජන

Mohamed Dilsad

Leave a Comment