විදෙස්

රටවල් කීපයක් ඉහළින් ගුවන් යානා පියාසර කිරීම ඇමරිකාව අත්හිටුවයි

(UTV | ඇමරිකාව) –  ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ඉරානය, ඉරාකය, පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් ගල්ෆ් කලාපයට ඉහළින් ගුවන් යානා පියාසර කරවීම් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

ඒ , ඉරාකයේ ඇමරිකානු කදවුරු දෙකකට ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර 12 කට අධික සංඛ්‍යාවක් එල්ල කිරීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් හෙට (09) දිනයේ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Related posts

ප්‍රංශයෙන් සිරියාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

අමෙරිකානු කඳවුරු දෙකකට ප්‍රහාර

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment