දේශීය

කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) – කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ එල්ටීටීඊ සැකකරුවන් රඳවා සිටින සිර වාට්ටුවල ගිනි අවියක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුවය.

ඒ අනුව එල්ටිටීඊ සැකකරුවන් රඳවා සිටින G,H හා J යන සිර වාට්ටු මෙම සෝදිසි මෙහෙයුමට ලක්වී ඇනි බව වාර්තාවේ.

මෙම සිර වාට්ටුවල ප්‍රධාන පෙලේ LTTE සැකකරුවන් 80 දෙනෙකු පමණ රඳවා තිබේ.

මෙම බන්ධනාගාරයේ රඳවා සිටින බව කියන පාතාල අපරාධකරුවකු වන ‘ගොනා කෝවිලේ රොහා’ නැමැත්තා ඝාතනය කිරිම සඳහා මෙම ගිනි අවිය බන්ධනාගාරය තුළට එවා ඇති බවට සැකයක් මත මෙම සිර වාට්ටුවල පරික්ෂාවක් සිදුකර ඇති බව වාර්තාවේ.

අප කල විමසීමකදී බන්ධනාගාර අධිකාරි ජි.කොඩිතුවක්කු පැවසුවේ ගිනි අවියක් බන්ධනාගාරය තුළට එරගෙනවිත් ඇති බවට ලැබුණු තොරතුරක් මත පරික්ෂාවක් සිදුකරන බවයි.

ඒ අනුව මෙම සිද්ධිය සැළ වීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවූ බවද මැගසින් බන්ධනාගාරිවරයා සඳහන් කළේය.

Related posts

බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක් විරෝධයේ

Mohamed Dilsad

Leave a Comment