දේශීය

කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) – කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ එල්ටීටීඊ සැකකරුවන් රඳවා සිටින සිර වාට්ටුවල ගිනි අවියක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුවය.

ඒ අනුව එල්ටිටීඊ සැකකරුවන් රඳවා සිටින G,H හා J යන සිර වාට්ටු මෙම සෝදිසි මෙහෙයුමට ලක්වී ඇනි බව වාර්තාවේ.

මෙම සිර වාට්ටුවල ප්‍රධාන පෙලේ LTTE සැකකරුවන් 80 දෙනෙකු පමණ රඳවා තිබේ.

මෙම බන්ධනාගාරයේ රඳවා සිටින බව කියන පාතාල අපරාධකරුවකු වන ‘ගොනා කෝවිලේ රොහා’ නැමැත්තා ඝාතනය කිරිම සඳහා මෙම ගිනි අවිය බන්ධනාගාරය තුළට එවා ඇති බවට සැකයක් මත මෙම සිර වාට්ටුවල පරික්ෂාවක් සිදුකර ඇති බව වාර්තාවේ.

අප කල විමසීමකදී බන්ධනාගාර අධිකාරි ජි.කොඩිතුවක්කු පැවසුවේ ගිනි අවියක් බන්ධනාගාරය තුළට එරගෙනවිත් ඇති බවට ලැබුණු තොරතුරක් මත පරික්ෂාවක් සිදුකරන බවයි.

ඒ අනුව මෙම සිද්ධිය සැළ වීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවූ බවද මැගසින් බන්ධනාගාරිවරයා සඳහන් කළේය.

Related posts

රබර් කිරි පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් පිපිරීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

Editor O

පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි

Mohamed Dilsad

නීතිපති කතානයකවරයා මුණු ගැසෙයි

Mohamed Dilsad

Leave a Comment