විදෙස්

දැවුණු ඔස්ට්‍රේලියාවට වැසි ඇදහැලේ

(UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ ළැව්ගිනි ව්‍යාප්තවී ඇති ප්‍රදේශ රැසකට ඊයේ (06) දිනයේදී ඇදහැලුණු වැස්සත් සමඟ මෙතෙක් ඉහළ අගයක පැවති එරට බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 දක්වා පහළ බැස තිබූ බව සඳහන් වේ.

මෙලෙස නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට සහ නැගෙනහිර වෙරළ තීරයේ සිඩ්නි සිට මෙල්බර්න් දක්වා ප්‍රදේශයට වැසි ඇදහැලී තිබේ.

කෙසේ වෙතත් වර්ෂාවත් සමඟ උෂ්ණත්වයද පහළ බැස තිබීම නිසා ළැව්ගිනි ව්‍යාප්තවීම පාලනය වුවද බ්‍රහස්පතින්දා දින සිට යළි උෂ්ණත්වය ඉහළ යනු ඇති බවට කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරයි.

ඒ සමඟ නිව්සවුත්වේල්ස් හා වික්ටෝරියා ළැව්ගිනි එකිනෙක හමුවී මහා ළැව්ගින්නක් හටගනු ඇතැයි ද සැක පළ වී තිබේ.

ළැව්ගිනිවල බලපෑමෙන් ඔස්ට්‍රේලියාවට කිලෝමීටර් දෙදහසක් පමණ දුරින් පිහිටි නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ අහස තැඹිලි පැහැයකට හැරී තිබෙන අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි.

Related posts

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක මිය යයි

Mohamed Dilsad

ඩොලර් මිලියන 45ආටා අලෙවි වූ පිකාසෝගේ චිත්‍රය(වීඩියෝව)

Mohamed Dilsad

ලොව පුරා කොවිඩ් මරණ ගණන 8 ලක්‍ෂ 23 දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment