කලා

ආදායම් වාර්තා තැබූ ස්ටාර් වෝස් අලුත්ම චිත්‍රපටය

(UTV | ඇමෙරිකාව) –  ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ‘ස්ටාර් වෝස් ද රීස් ඔෆ් ස්කයි වෝල්කර්’ චිත්‍රපටය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 800 කට ආසන්න මුදලක් උපයාගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් 20 වැනිදා හොලිවුඩයට සමගාමීව මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ඇරඹිය.

සිනමා විචාරකයන් පවසන්නේ කෙටි කාලයක් ඇතුළත මෙම චිත්‍රපටය බිලියනයක ආදායමක් පහසුවෙන් උපයාගනු ඇති බවය.

එසේ වුවහොත් ඉකුත් වසරේ බිලියනකට වඩා වැඩි ආදායමක් උපයාගත් හොලිවුඩ් චිත්‍රපට අතර, 09 වැනි චිත්‍රපටය ලෙස ස්ටාර් වෝස් ද රීස් ඔෆ් ස්කයි වෝල්කර් පත්වේ.

Related posts

අයිශ්වර්යාට නිවාඩුවක්

Mohamed Dilsad

ඓශ්වර්යා රායි වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායි නුවර රෝහලකට

Mohamed Dilsad

2017 ඔස්කා සම්මාන උළෙලේ හොඳම නිළිය සහ නළුවා

Mohamed Dilsad

Leave a Comment