විදෙස්

ඇමෙරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් කර නොගැනීමට තීරණයක්

(UTV | ඇමරිකාව) – ඇමෙරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් කර නොගන්නා බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් පවසයි

ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇමෙරිකාව ඉරාකයේ ස්ථාපිත කර ඇති හමුදා අනුඛණ්ඩ ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

පසුගියදා ඉරානයේ හමුදා ප්‍රධානි ජෙනරාල් කාසෙම් සුලෙයිමාන් ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව ඉරාක පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් සිය රටේ සිටින විදේශ හමුදා ඉවත්ව යායුතු බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබුවේය.

 

Related posts

සිරියාවේ බෝම්බ පිපිරීමකින් 51 දෙනෙක් මරුට

Mohamed Dilsad

උතුරු ඇමෙරිකාවේ විශාලතම දියමන්තිය කැනඩාවේන් සොයාගනී.

Mohamed Dilsad

ඉන්දියානු ගුවන් යානා සඳහා පාකිස්තාන ගුවන් කලාප තහනම මසකින් දීර්ඝ කරයි.

Editor O

Leave a Comment