විදෙස්

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි තවත් රාජ්‍යන් කීපයකට පැතිරෙයි

(UTV | ඕස්ට්‍රේලියාව) –  මාස ගණනක් පුරාවට ඕස්ට්‍රේලියාව පුරා පැතිරෙන මහා ලැව් ගිනි වලින් නික්මෙන ඝන දුමාරය ඕස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර් 12,000 ක් පමණ දුරකින් පිහිටි දකුණු ඇමරිකාවේ චිලී සහ ආර්ජන්ටිනා රාජ්‍යයන් වෙත ද පැතිර වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මුහුදු මට්ටමෙන් අඩි 6000 ක් පමණ ඉහළ අහසේ පවතින මෙම ලැව් ගිනි දුමාරය පොළොවට ආසන්න වීමේ අවදානමක් නොමැති බව චිලී කාලගුණ විද්‍යා අංශ ප්‍රධානියා සඳහන් කළේය.

ඕස්ට්‍රේලියානු ලැව් ගිනි දුමාරය තම වායුගෝලය ද ආක්‍රමණය කර ඇති බව චන්ද්‍රිකා ඡායාරූපවලින් පැහැදිලි වන බව ආර්ජන්ටිනාව ප්‍රකාශ කළා.

තම වායුගෝලයේ අපද්‍රව්‍ය සහිත ඝන දුමාරයක් ඇති වී තිබෙන බවත්, එය ඕස්ට්‍රේලියානු ලැව් ගිනි හේතුවෙන් නිර්මාණය වී ඇති බවත් චිලී කාලගුණ විද්‍යා අංශ ප්‍රධානියා සඳහන් කළේය.

එය බ්‍රසීලය දක්වා පැතිර යා හැකි බවත් කලාපීය කාලගුණ අංශ අනතුරු අඟවයි.

Related posts

ජනප්‍රිය නළුවෙක් සහ බිරිඳ කොරෝනාවට ගොදුරු වේ

Mohamed Dilsad

”උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා” – රුසියාව ගැන ට්‍රම්ප් කියයි

Editor O

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment