විදෙස්

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා

(උදයම්,ඇමරිකා)  – ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු අද ප්‍රථම වරට විදේශීය රාජ්‍ය නායිකාවක හමුවීමට නියමිතය.

ඇමරිකාවේ සංචාරයක් ආරම්භ කළ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සහ ජනාධිපති ට්‍රම්ප් අතර සාකච්ඡාව අද වොෂින්ටනයේ ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා වල දැක්වේ.

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ද තම රටේ දේශපාලන විප්ලවයකින් පසු බලයට පත් වුවාය.

තවමත් තමා හට වාණිජ ලේකම්වරයෙකු නොමැති බැවින් බ්‍රිතාන්‍ය අගමැතිනිය සමඟ පවත්වන වෙළඳ සාකච්ඡා ද තමා විසින්ම මෙහෙයවන බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.

Related posts

ට්‍රම්ප්ගේ නමින් දුම්රියපොලක්

Mohamed Dilsad

නැව් තොග 05ක ඉන්ධන ඇණවුමක් සිංගප්පූරු සමාගමකට

Editor O

ඇමරිකාවේ මිසයිල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට ට්‍රම්ප් සැරසෙයි…

Mohamed Dilsad

Leave a Comment