ප්‍රමුඛ පුවත 1

පොලිසියට අල්ලස් දුන් අයෙකු අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරයෙකුට අල්ලස් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ (26) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
හලාවත පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකුට රුපියල් 1000 ක මුදලක් සහ කෑම පාර්සලයක් අල්ලස් වශයෙන් ලබා දීමට පුද්ගලයෙකු උත්සහ කර ඇත.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – දැදුරුඔය ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ වැලි ජාවාරම්කරුවෙකුගේ සහෝදරයෙකු බවද සඳහන්ය.

සැකකරු සතුව තිබී ජංගම දුරකථන 02 ක්,රුපියල් 28,800 ක මුදලක් සහ ඔහු පැමිණි බව කියන යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු සහ ඔහුගේ සහෝදරයා විසින් සිදු කරන වැලි ජාවාරමකට සහාය ලබා ගැනීම සඳහා අල්ලස් ලබා දෙන බවට හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අපොස සාමාන්‍ය පෙළ විභාගය අද

Mohamed Dilsad

උතුරේ ජනතාව දකුණේ සිංහල බෞද්ධ නායකයෙකුට ඡන්දය දීම සතුටු විය යුතු කරුණක් – හිටපු අමාත්‍ය රිෂාඩ් [VIDEO]

Mohamed Dilsad

අනතුරකින් මව සහ දරුවා මියයයි

Mohamed Dilsad

Leave a Comment