විදෙස්

අගන් ගිනි කන්ද පුපුරා යාමට ආසන්නයි

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියානු බාලි දිවයිනේ පිහිටි අගන් ගිනි කන්ද පුපුරා යාමට ආසන්න බව වාර්තාවේ.

මහා පිපිරීමක් සිදුවීමේ අවදානම හේතුවෙන් ඒ අවට පදිංචිව සිටි ලක්ෂයකට අධික ජනතාව මේ වන විට ඉවත් කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

මේ වන විට අගන් ගිනි කන්දෙන් ලාවා ගලා ඒම ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ගිනි කන්ද පිපිරීමේ අවදානම උපරිම මට්මට පැමිණ ඇති අතර, ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් සංචාරකයන් රැසක් බාලි දිවයිනෙන් නික්මීමට නොහැකිව සිටින බවද වාර්තාවේ.

ගිනි කන්දේ දුමාරය මේ වන විට මීටර් 3400ක පමණ ඉහළ අහස කරා පැතිර තිබේ.මේ නිසා ගුවන් ගමන් රැසක් අවලංගු කරඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ දහස් ගණන් ජනයා ඉවතට

Mohamed Dilsad

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කාර්මික දෝෂයකට ලක්වූ ජාත්‍යන්තර වෙළඳ නෞකාවක කාර්යයමණ්ඩලය ගොඩබිමට ගෙනඒමට නාවික හමුදා මෙහෙයුමක්

Editor O

Leave a Comment