ගොසිප්

ක්‍රිකට් දිවියට සමුදෙනවිට සංගාව මතක් කල ඉර්ෆාන්

(UTV | ඉන්දියාව) –  ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවූ දක්ෂ වේග පන්දු යවන්නෙක් වන ඉර්ෆාන් පතාන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බවට පවසමින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පිළිබඳව මතක ආවර්ජනයක් සිදුකරනු ලැබීය.

35 හැවිරිදි ඔහු 2012 සිට ජාතික සංචිතයට ඇතුළුවීමට අපොහොසත් වූ බැවින් පසුගිය සෙනසුරාදා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට නිවේදනය කරනු ලැබීය.

මෙහිදී ඔහු සඳහන්කර සිටියේ එක් දිනක් සංගක්කාර සහ තමා දිල්ලියේදී ක්‍රිකට් තරගයක යෙදී සිටින විට දෙදෙනා අතර සුළු වචන හුවමාරුවක් සිදුවූ බවය.

එහිදී දෙදෙනාට දෙදෙනා යම් පෞද්ගලික දේ පිළිබද පවසමින් වචන හුවමාරුව සිදුකරගත් බවත් , තමා විසින් කුමාර් සංගක්කාරට ඔහුගේ බිරිඳ පිළිබඳව යම් දෙයක් පැවසූ බවත් ඉර්ෆාන් පතාන් සඳහන් කළේය. ඉන්පසුව පෙරළා යළිත් සංගක්කාර තමන්ගේ මවට සහ පියා ගැන යමක් පැවසූ බවත් ඔහු පැවසීය.

ඉර්ෆාන් 2003 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් අතර ඉන් වසරකට පසු එක්දින වරම් හිමිකර ගැනීමට සමත් විය.

ඔහු 2006 වසරේදී දකුනු අප්‍රිකාවට එරෙහිව විස්සයි – විස්ස වරම් හිමි කරගත්තේය.

Related posts

ජනාධිපති ගැන මට දුකයි..වටේ ඉන්නේ පිස්සන් හා ගොං නාම්බන් ටිකක්

Mohamed Dilsad

බොරැල්ලේ කොවිඩ් අවදානම තවදුරටත්

Mohamed Dilsad

ගව ඝාතනය තහනම්.

Mohamed Dilsad

Leave a Comment