ගොසිප්

බලතල ලබාදෙන තුරු තවදුරටත් බලා ඉන්නේ නෑ – සජිත්

(UTV | කොළඹ) – ඉදිරි මහ මැතිවරණයට  සන්ධානයකින් හෝ තරඟ කිරීම සුදානම් බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු පවසන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ට යම් යම් බලතල ලබා දෙනතුරු බලා සිටියද ඉදිරි මැතිවරණයේදී එසේ බලා නොසිටින බවයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සඳහා ජනතාව වෙනුවෙන් කැපකිරීම් කළ යුතුව ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්තල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ඒ සී කාමර වල ඉන්න සුදානම් අයට ඉදිරි මැතිවරණයේදී අවස්ථාවක් නොමැති බවයි.

“කොටන් ඇදපු අලින්ට පමණක් පෙරහැරේ යාමට හැකි බව ඔහු පැවසීය.

Related posts

අප්‍රේල් 02 වනදා සිට ගූගල් ප්ලස් (google+) අත්හිටුවයි…

Mohamed Dilsad

නිරෝධායනය වෙමින් සිටියදී රෝහලෙන් පැන ගිය කාන්තාවක් සොයයි

Mohamed Dilsad

යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය අළුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment